Monday, September 25, 2017

clash of clans


වර්තමානය වන විට සීඝ්‍රයෙන් ප්‍රචාරනය වන ගේම් එකක් විදිහට ක්ලෑෂ් ඔෆ් ද ක්ලෑන්ස් කියන ගේම් එක හදුනා ගන්න පුලුවන්.අද අපි කියන්න යන්නෙ මේ ගේම් එක ගැන ගොඩක් දෙනෙක් නොදන්න කරුණු කිහිපයක්. මෙම ගේම් එක ගූගල් ප්ලේ ස්ටෝස් හරහා ප්රථම වරට බෙදා හරිනු ලබන්නේ 2012 වර්ෂයේදීය. 2015 වර්ෂයේදී වැඩිම පිරිසක් නරඹපු සුපර් බෝල් පූර්වක ප්රචාරක පටය ලෙස ක්ලෑෂ් ඔෆ් ද ක්ලෑන් පූර්ව ප්‍රචාරක පටය නම් කරන ලදී.ලී ආම් නිසන් ටේකන් නැමැති චිත්‍රපට ජවනිකාවක් ආශ්‍රයෙන් මෙය නිර්මාණය කර ඇත. මේ සඳහා මේ වන විට ලොව වටා සිටින ක්‍රියාකාරී සාමාජිකයින් ගනන මිලියන 30 කි.මෙම ක්‍රීඩාව නිර්මාණය කරන සුපර් සෙල් සමාගමේ මුලු සේවක ගණන 150ක් වූවත් ඉන් ක්ලෑෂ් ඔෆ් ද ක්ලෑන්ස් සඳහා වැඩ කරනු ලබන්නේ සේවකයින් 15 දෙනෙක් පමණි. සුපර් සෙල් සමාගම මෙම ක්‍රීඩාව වෙනුවෙන් දිනකට ලබන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පහකි. සුපර් සෙල් සමාගම මෙම ක්‍රීඩාව තුළින් ලබන ආදායමෙන් 50% ක් ක්ලෑෂ් ඔෆ් ද ක්ලෑන් ක්‍රීඩාව සෙල්ලම් කරන ප්රධාන ක්‍රීඩයින් අතර 10% කට බෙදා දෙනු ලබයි. ක්‍රීඩාවේ සඳහන් පෙන්කා යන චරිතයට එම නම යොදා තිබෙන්නේ 2012 වසරේදී සුපර් සෙල් සමාගම ෆේස්බුක් හරහා පවත්වන ලද කුඩා ක්‍රීඩාවක් මගිනි.එම ක්‍රීඩාවෙන් ජයග්‍රහනය කරන ලද පුද්ගලයාගේ නම පෙන්කා වේ.මෙම චරිතය ලෙවල් එකකින් ලෙවල් එකකට තම හැකියාවන් දියුණු කරන ලද එකම ක්‍රීඩකයා වේ. චීන ජාතික ජෝන් යාවෝ නම් පුද්ගලයා අංක එකට මෙම ක්‍රීඩාව සෙල්ලම් කරන පුද්ගලයා වේ.ඔහු අයි පෑඩ් 6 ක් මේ සඳහා එකවර යොදා ගනී. ඔහු විසින් කුසලාන 4000 පසු කිරීමත් සමගම ඔහු ඉතා ප්‍රසිද්ධියට පත් විය.

No comments:

Post a Comment