Monday, September 18, 2017

ක්‍රිකට් ලොලින්ට මෙන්න


ත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඇතිවී තිබෙන අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ස්ථීර පුහුණුකරුවෙකු පත් කිරීම නුදුරේදීම සිදුවිය හැකි බවට වාර්තා පලවනවා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝර්ඩ් සිය තනතුර අත් හැරිමත් සමග තාවකාලික පුහුණුකරු ලෙස පන්දුරැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කල නික් පෝතාස් පත් වුනා. ඒ අනුව ශ‍්‍රී ලංකා පුහුණුකරු ධූරය සදහා සලකා බැලිය හැකි පුහුණුකරු ලැයිස්තුවේ ශ‍්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයර්ධනද සිටින බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මිට පෙර මහේල මේ සදහා එකගතාවය පළ කර නැති අතර නික් පෝතාස් , ඩීන් ජෝන්ස් , ස්ටීවන් ෆ්ලෙමිං , මාවන් අතපත්තු සහ පෝල් නික්සන් ද නාම යෝජනා ලබා දුන් පුහුණුකරුවන් අතර සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි. මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේ ශ්‍රී ලංකාව මෙහෙයවූ ආකාරය දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයන් පවා අදටත් ඒ පිලිබදව කතා බහට ලක්කරන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතාවය නිසාය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුකරු ධුරය දරන මහේල ජයවර්ධන මෙවර මුම්බායි ඉන්දියන්ස් පිල IPL තරගාවලයේ ශුරයන් බවට පත් කිරීමට තරම් මහේලගේ පුහුනුකාරිත්වය උපයෝගී විය. මේ වන විට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සකාච්ජා කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තාන සංචාරයෙදී ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන එක් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහේල ජයවර්ධන අතර මේ වන විට සාකච්ජා මට්ටමේ පවතින අතර ඉදිරි සතිය ඇතුලත මේ පිළිබද අවසන් තීරණයට එලබීමට නියමිතව ඇත. මේ වන විට පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා 15 කුගෙන් යුත් සංචිතයක් තෝරා ගැනීමේ කටයුතු දිනේෂ් චන්දිමාල් සහ තිලංග සුමතිපාල විසින් කරමින් පවතින අතර පක්ස්තානය සමග තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 28 වනදාය. මෙම ටෙස්ට් තරගාවලිට එක් දිවා රාත්‍රී ටෙස්ට් තරගයත්ද ඇතුලත්ය. මෙම ලිපිය උපුටා ගන්න ලදී

No comments:

Post a Comment