Sunday, September 17, 2017

පොඩි කලේ මෙහෙමනම් ලොකු වෙද්දී


වැඩේ. මෙහෙම පොඩියට හිටියට ලේසිපහසු නැ දේශනයක් තියල හැමෝගෙම පරිගණක හැක් කරලා කොහොමද වැඩේ. තම අවු11 යි ලොකු වෙනකොට මොනවා කරයිද දන්නේ නැ. යහලුවන්ටත් බලන්න share කරන්න. සයිබර් ආරක්ෂාව පිළිබඳව පසුගියද‌ා ඇමෙරිකාවේ පැවැති සමුළුවකට 11 හැවිරිදි කුඩා දරුවකුද සහභාගී වී සිටියේය. මේ පුංචි කොලුවා සමුළුවට සහභාගී වී සිටියේ දේශන ඇසීමට නොව දේශනයක් පැවැත්වීමටය. එයට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෝ 30,000 අධික පිරිසක් සහභාගී වී සිටියහ. පුංචි කොලුවා විසින් සයිබර් ප‍්‍රහාර සිදු කෙරෙන ආකාරය පිළිබඳ සුවිශේෂී අනාවරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ එම පිරිස විමතියට පත් කරවමිනි. නීත්‍යනුකූල ඇප් වැඩසටහනක් ලෙසින් පරිගණකයට ඇතුළු කෙරෙන වෛරසයක් මගින් එහි දත්තවලට කළ හැකි හානිය පිළිබඳව පැහැදිලි අනාවරණයක් කිරීමට ඔහු සමත් විය. ඔහු තවත් හපන්කමක් කළේය. ඒ එහි රැස්ව සිටි සයිබර් විශේෂඥයන්ගේ බ්ලූටූත් උපකරණවලට අනවසරයෙන් ඇතුළුවී තමන්ට එවැන්නක්ද කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා ඔහු ආදර්ශකයක් ලෙස යොද‌ාගනු ලැබුවේ බොබ් නමැති ටෙඩි වලසාය. ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ වයිෆයි සහ බ්ලූටුත් හා සම්බන්ධ වූ බොබ් ඒ ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්නට විය. ඉන්පසු තම ලැප්ටොප් යන්ත‍්‍රයට සවි කෙරුණු ‘රාස්බෙරි පී1’ නමැති ක්‍රෙඩිට් කාඩ් පතක් ප‍්‍රමාණයේ කුඩා පරිගණකයක් මගින් එම ශාලාවේ තිබූ සියලු බ්ලූටූත් උපකරණ හඳුනා ගත් ඔහු ශාලාවේ සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගේ පවා ඇතැම් රහස් සංඛ්‍යාත තම පරිගණකයට යොමුකර ගැනීමට සමත් විය. පයිතන් නමැති පරිගණක භාෂාව උපයෝගී කරගනිමින් බොබ් නමැති වලසාගේ දත්ත ගබඩාවට ඇතුළු වූ ඔහු එහි වූ ඇතැම් දත්ත පණිවිඩ බවට පත් කොට නරඹන්නන්ට අසන්නට සැලසුවේ සියල්ලන් මවිත කරමිනි. මේ අපූරු දරුවා රූබන් පෝල්ය. ඔහුගේ උස අඩි හතරයි අඟල් පහකි. බර රාත්තල් 54කි. මේ දරුවා ඉගෙනුම ලබනුයේ ටෙක්සාස්හි හාර්මනි විද්‍යා පාසලේ හයවැනි ශ්‍රේණියේය. අධ්‍යාපනයට අමතරව කුංෆු, ජිම්නාස්ටික් සහ පිහිනීමේ පන්තිවලටද ඔහු සහභාගී වෙයි. තම මිතුරන් සමඟ කාලය ගත කිරීම ඔහුගේ ලොකුම විනෝද‌ාංශයයි. ඒ දිවා කාලයේ ඔහුගේ චර්යාවයි. රාත්‍රී කාලයේ ඔහු සහමුලින්ම වෙනස් චරිතයක් බවට රූපාන්තරණය වන්නේය. රාත්‍රියේදී ඔහු සයිබර් අවකාශයේ ආරක්ෂක ක‍්‍රම පිළිබඳ ගවේෂකයකු නැතිනම් හැකර්වරයකු බවට පත්වෙයි. ඔහු හැකර්වරයකු ලෙසින් පෙනී ගියද සත්‍ය වශයෙන්ම අනර්ථකාරී හැකර්වරයකු නොවේ. ඔහුට අවශ්‍ය ලෝකය යහපත් හා ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත් කිරීමය. ඒ අනුව රූබන් පෝල් සයිබර් අපරාධකරුවකු ලෙසින් සැලකෙන්නේ නැත. ඔහු විවිධ අත්හද‌ා බැලීම් මගින් පරිගණවලට ඇතුළු වී වෙනත් හැකර්වරුන් විසින් සිදු කරනු ලබන පරිගණක අපරාධ වැළැක්වීම සඳහා යොදාගතහැකි ආරක්ෂක පියවර පිළිබඳව ගවේෂණය කරන්නෙකි. ඔහුට අවශ්‍ය තම හැකියාව ලෝකය විසින් හඳුනාගනු ලැබීමය. සයිබර් ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ විශේෂයෙන් දරුවන්ට අන්තර්ජාලයෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීමට මඟ පෙන්වීම ඔහුගේ අරමුණය. පරිගණක දත්ත විනාශ කිරීම, දරුවන්ට සිදුවන හිරිහැර, පුද්ගලයන් පීඩාවට පත් කිරීම සහ වෙනත් සයිබර් අපරාධ අන්තර්ජාලය ඔස්සේ සිදුවන බවත් එම අපරාධවලින් ආරක්ෂා වීම සඳහා වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනුම්වත් කිරීම මගින් ඔවුන් ආරක්ෂා කරගත හැකි බවත් රූබන් පෝල් පවසා සිටී. 11 හැවිරිදි දරුවකු සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් දැනුම්වත් වූයේ කෙසේද? රූබන් පෝල්ගේ පියා වන මනෝ පෝල් පවසා සිටියේ ඔහු ඉතා කුඩා කාලයේ සිටම පරිගණකයට ලොල්වී සිටි බවත් සයිබර් ආරක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ බවත්ය. ‘‘මට මතකයි රූබන්ට අවුරුදු 5 වගේ කාලෙ ඔහු ‘ෆයර්වෝල්’ වැනි වදන් භාවිත කළා. මට පුදුම හිතුණා. ඒ වයසෙ දරුවෙක් කොහොමද මේ වගේ වචන කියන්නෙ කියලා. ඔහු ක‍්‍රමයෙන් වැඩෙද්දී පරිගණක ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට ඇති උනන්දුව දිනෙන් දින වර්ධනය වුණා.’’ යනුවෙන් ඔහු පවසයි. මනෝ පෝල් ‘සිකියුරිස්ක් සොලූෂන්ස්’ නමැති සයිබර් ආරක්ෂණ ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරියාය. එම සමාගම තොරතුරු තාක්ෂණ ආරක්ෂක ක‍්‍රමවේද පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර උපදේශන සේවා සපයන සහ පරිගණක මෘදුකාංග සංවර්ධනය කරනු ලබන ආයතනයකි. මනෝගේ පුත් රූබන් සයිබර් ආරක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමට උනන්දු වූයේ ඔහු පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අවධියේ සිටය. තම පුත‍්‍රයාගේ හැකියාව හඳුනාගත් මනෝ පෝල් ඔහුට සයිබර් ආරක්ෂණ සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දීමට පියවර ගත්තේය. ඒ අතර පරිගණක වැඩසටහන් නිර්මාණය පිළිබඳවද අවබෝධයක් ලබා දුන්නේය.

No comments:

Post a Comment