Tuesday, September 26, 2017

ලිපිය


ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ සියදිවි නසාගැනීම පිළිබඳව මේවන විට මෙරට තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඊයේ දින ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නවාතැන් කාමරය තුළ යි. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් ඔහුගේ එම තීරණයට හේතු වී ඇති බව යි මූලික පොලිස් පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ. තම සියදිවි නසාගැනීම දුරකතනය ඔස්සේ පටිගත කිරීමට ද දසුන් ක්‍රියා කර තිබුණා. එමෙන්ම මියයාමට පෙර ලිපියක් ද ලියා ඇති දසුන් එයින් පවසා ඇත්තේ තම මානසික පීඩනය දරාගැනීමට නොහැකි බැවින් මෙලෙස සිය දිවි නසාගන්නා බව යි. තමා සිය දිවි නසාගන්නේ තමන්ගේම උවමනාවට බවත් එයට කිසිදු පුද්ගලයෙකු වගකිව යුතු නොමැති බවත් ඔහු එම ලිපියෙන් සඳහන් කර තිබෙනවා.

No comments:

Post a Comment