Wednesday, September 20, 2017
මාලින්ග පකිස්තානය හොල්ලයි ද?
ලසිත් මාලිංග යනු ශ්රී ලංකා ක්රිකට් වංශ කතාව වෙනස් කල සුපිරි පන්දු යවන්නෙක් බව ඔබ අප අවිවාදයෙන් යුතුව පිළිගන්නා දෙයකි.ලසිත් මාලිංගගේ පන්දුව හමුවේ පිතිකරුවන් අසරණ වන අවස්ථා ඔබ නොයෙකුත් දැක ඇත.
ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 5ක්,විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලිය මේ මස 28 වනදා ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලියේ එක්දින තරග සහ විස්සයි විස්ස තරග සදහා මුහුණ දීමේ අරමුණින් ලසිත් මාලිංග මේ දිනවල පුහුණුවීම් වල නිරත වෙමින් පවතිනවා.
මෙම තරගාවලියේදී ලසිත් මාලිංග විසින් නව ක්රමයකට පන්දු යැවීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංගගේ පුහුණුවීම් වලදී දැක ගැනීමට හැකි වී තිබෙන බව වාර්තා වනවා.
ලසිත් මාලිංග විසින් බොහෝ අවස්ථා වලදී නව පන්දු යැවීමේ ක්රම අත්හදා බැලු ක්රීඩකයෙකි.මාලිංගගේ ස්ලිංගා පන්දුව මෙන්ම සෙමින් පිතිකරුවා වෙත පැමිණෙන ෆුල්ටෝස් පන්දුව මාලිංග විසින් අත්හදා බලා සාර්ථක වූ පන්දු යැවීමේ ක්රම කිහිපයකි.
ලසිත් මාලිංග 2009 විස්සයි විස්ස ලෝක කුසලානයේදීද මෙන්ම 2007 ලෝක කුසලානදීද මාලිංග විසින් අත්හදාබැලු පන්දු යැවීමේ ක්රම නිසා ශ්රී ලංකාව එම ලෝක කුසලාන දෙකෙහිම අවසන් තරගය තෙක් පැමිණීමට උපකාරී වුවා.
ලසිත් මාලිංග මෙවර අත්හදා බැලීමට නියමිත පන්දුවද සාර්ථක වීම ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයින්ගේ එකම පැතුම වනවාටද කිසිදු සැකයක් නැත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment