Saturday, September 16, 2017
ලග්නය අනුව ඔබේ ගති ගුණ
ඔබ තුළ බොහෝ දක්ෂතා ඇති බවද යහපත් ඇති බවද ඔබ හැම දෙනාම සිතති. එහෙත් ඔබ තුළ ඇති දුර්වලකම් හා නොයෙකුත් අඩුපාඩු, වැරැදි ඔබ කිසිවකුට නොපෙනේ. අවට සිටින අය හා ඔබ ඇසුරු කරන අය, ඔබ හොඳින් හඳුනාගත් පසුව ඔබගේ අඩුපාඩු හා දුර්වලකම් අවබෝධ කර ගනී. එහෙත්, පළපුරුදු ජ්‍යෙතිර්වේදියාට පමණක් ඔබ නොදැක ඔබ හඳුනා නොගෙන ඔබගේ ජන්ම පත්‍රය පමණක් පරීක්ෂාකර බලා ඔබ ගැන පැහැදිලි විස්තරයක් කිව හැකිය.ලොව දෙදෙනකු එක හා සමාන නොවේ. එක මව්කුස තුළ උපන් නිවුන් දරුවෝද එක හා සමාන නොවෙති. රූපයෙන් සමාන වුවද ගතිගුණ අතින් වෙනස්කම් දක්නට ඇත. ලොව උපදින සියලුම මිනිසුන් ලග්න අනුව කොටස් දොළහකට බෙදිය හැකිය. එක් එක් ලග්නය අනුව මිනිසුන්ගේ ඇති දුර්වලකම් හා අඩුපාඩු පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි. මෙයින් ඔබගේ අඩුපාඩු හොඳින් දැනගෙන හැකි තරම් දුරට ඒවායින් මිදීමට කටයුතු කළ හැකිය.මේෂ ලග්නයෙන් උපන් අයගේ පොදු ගතිගුණකුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ. මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ. තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවන කෙනෙකි.පුද්ගලිකත්වය නිතර අපේක්ෂා කරන හෙයින් මේශ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී යැයි කීවාට වරදක් නැත. පොදු වැඩ කටයුතු වලදී මුදල් යෙදවීමේදී මේෂ ලග්න හිමියකුගේ ඒ සඳහා ඇති නොකැමැත්ත ඉන් මොනවට පෙන්නුම් කෙරේ.බොහෝ විට ආත්මාර්ථකාමී වැඩක් නිසාම අන් අයත් සමඟ වාද විවාද වලට පැටලේ. මේශ ලග්න හිමියෝ වාද විවාද වලට සුදුසු නැත. මේෂ ලග්න හිමියෝ වාද විවාද වලින් ජයගැනීමට ලෙහෙසි නොවන හෙයින් අවසානයේ රණ්ඩු සරුවල් කොට හෝ ජයගැනීමට හිතයි.ජය ප්‍රසිද්ධිය කීර්ති ප්‍රශංශා ලැබීමට ඇති ආසාව නිසා ඉදිරියට යන ගතියත් තිබෙන නිසා ජය ලැබීමට තිබෙන ප්රවනතාවය වැඩිය. ක්රියාවේ ශූරත්වය සහ කඩිසරකම මේෂ ලග්න හිමියාගේ තිබෙන සුවිශේෂී ගුණයකි. මේෂ ලග්න හිමියා සත්‍යයෙන්ම ආඩම්භර කාරයෙකි.පුරුෂයෙක් නම් තමාගේ භාර්යාවටත් ස්ත්‍රියක් නම් තමාගේ පුරුෂයාටත් හැරෙන්නට වෙනත් කිසි කෙනෙකුට යටහත් පහත් වීමට කැමති නැත.තම සහකාරියට භක්තිවන්ත වේ. බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික නිතර කෑම ඕනෑකරයි.වහා වටහෙන සූක්ෂම ණුවනක් බොහෝ විට ඇත. කිසි බයක් නැත. සුලු සුලු වැඩවලට කැමති නැත. විශාල ව්‍යාපාර සඳහා පාලනයට ,ආරම්භයට යහපති. හදිසියේ කරුණු වෙනස් කරන චරිතයක් වුවද යම් දෙයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment