Friday, September 29, 2017
cricket
ඬේවිඞ් වෝනර් (124) සහ ඒරන් ෆින්ච්ගේ (94) විශිෂ්ට පිතිහරඹය හමුවේ බැංගලෝර්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. තරගාවලිය 3-1 ක් ලෙස පරාජයට පත්වී සිටියද සම්පූර්ණ තරඟාවලි පරාජයකින් ගැලවීමට ලැබීමත් ඉන්දියාවට හිමිකර ගැනීමට තිබු වාර්තාවක් අහිමි කිරීමත් ඕස්ටේලියාව ලැබූ යම්කිසි සහනයක් විය.
ජයග්‍රහණය සදහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕයර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 313 ක් පමණි. ආරම්භක පිතිකරුවන්වූ අජින්ක්‍යා රහනේ (53) සහ රෝහිත් ශර්මා (65) පළමු කඩුල්ල සදහා පන්දු 110 කදී ලකුණු 106 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය.
මැද පෙළ පිතිකරුවන්වූ හර්දික් පාණ්ඩ්‍යා (41) සහ කේදර් ජාදව් (67) ජයග්‍රහණය දෙසට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියද ඔවුන් දෙදෙනාගේ දැවීයාමත් සමගින් බලාපොරොත්තු සුන්වී ගියේය. පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 67 ක් රැස්කළ කේදර් ජාදව් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය
No comments:
Post a Comment