Tuesday, September 26, 2017
ක්‍රිකට් අලුත් නිති
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වාදුන් නවතම නීති රීති මාලාවා මෙම මස අවසානයේ සිට පැවැත්වෙන තරඟාවලි සඳහා ක්‍රියාත්මක කිරිමට ICC ය තීරණය කර ඇත. මෙහි ඇතුලත් වන නීති සම්භාරයේ කිහිපයක් නම්, පිතිකරුවෙකුට ඔහුට අදාළ පිත්තේ ඝනත්වය වැඩි කිරීමේ එනම් පිත්තේ පළල වැඩි කිරීමේ සීමාවක් පැනවීම, ක්‍රීඩකයකු නොහොඹිනාකාරී ලෙස හැසිරෙන්නේ නම්, විනිසුරුට ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ඇති අයිතිය මෙන්ම, කඩුලු දෙකක් අතර දිවිමේදී, පිත්ත පිටියට ස්පර්ශ නොවුනත්, ක්‍රිස් එක තුලට පිත්ත ගොස් තිබුනොත් එය නොදැවී යාමක් ලෙස සටහන් වීම ආදී නීති මාලා ටිකක් ඇතුලත් වේ. කෙසේ නමුත් මෙම නිතිය ක්‍රියාත්මක නොවී පවත්වන අවසාන තරඟාවලිය වනුයේ, දැනට ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟාවලියයි. ඒ අනුව එළඹෙන 28 වනදා ආරම්භ වන ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟාවලියට හා බංගලාදේසහ – දකුණු අප්‍රිකා තරඟාවලියන වලට මෙම නව නීති මාලාව ක්‍රියාත්මක වන අතර, එතැන් පටන් මින් ඉදිරියට ඇති සියලුම තරඟාවලි සඳහා මෙම නව නිතිය ක්‍රියාත්මක වනු ඇත. මිට අමතරව මෙම නව නීති මාලාවේ කණ්ඩායම් නායකයන්ට ඇති වාසි සහගත වෙනස් කිරීම නම්, review එක ලබාගැනීමයි. එනම් මින් පෙර ටෙස්ට් තරඟාවලියක එක් ඉනිමක කණ්ඩායමකට පන්දුවාර 40 කට එක review එක බැගින් දිනකට review දෙකක් හිමි වූ අතර, මින් ඉදිරියටත් එය එසේම ක්‍රියාත්මක වේ. නමුත් මෙහි ඇති වාසිය නම්, යම් හෙයකින් LBW දැවී යාමක්, නොදැවී යාමක් ලෙස විනිසුරු සටහන් කිරීමෙන් පසු ඔහුගේ තීරණයට අභියෝග කරමින් review එකක් ගන්නේ නම්, එම අවස්ථාවේදී ” umpire’s call” අවස්තාවක් පැමිණි විනිසුරුගේ තීරණය නිවැරදි වුනේ නම්, එම අවස්ථාවේ review ලබාගත් කණ්ඩායමට තමන්ගේ review අවස්තාව මග හැරී නොයන අතර, ඔවුන්ගේ review එක තවදුරත් වලංගු වේ. තවද මින් ඉදිරියට විස්සයි විස්ස තරඟ සඳහා ද එක් කණ්ඩායමකට එක් review අවස්තාව බැගින් ලබාදිමද සිදුවේ.
No comments:
Post a Comment