Monday, October 2, 2017
ඉංදිය
ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පස් වන සහ අවසන් එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු කඩුලු තුනක ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟාවලිය 4-1 ලෙස ජය ගැනීමට සමත් විය. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේව්ඩ් වෝනර් පමණක් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනද ආරොන් ෆින්ව්(32)ට්රවිටස් හෙඩ්(42 )මාක්ස් ස්ටෝනිෂ් (46 ) ලෙස තරමක හොඳින් පන්දුවට පහර දුන්නද ඔවුන්ගෙන් කිසිවකු දිගු ඉනිමක් කරා යාමට අපොහොසත් වීම නිසා ඕස්ට්‍රේලියා කණ්ඩායමට තම පන්දුවාර 50 අවසාන වනවිට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 242/9 පමණි. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ෂා පටෙල් කඩුලු 3ක් සහ ජශ්පිට් බුම්රා කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 243 ක් හඹාගිය ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 124 ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් සම්බන්දතාවයක් ගොඩ නැගු අතර මෙම ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර මෙලෙස ආරම්භක කඩුල්ල සඳහා පසුගිය තරඟ 3 දීම ශතක සම්බන්දතා ගොඩනැගීම ඉන්දීය පිතිකරු යුගලක් මෙම දක්ෂතාව කල ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා පොත් වලට එකතු විය. නායක කෝලි ලකුණු 39ක් ලබාගත් අතර රෝහිත් ශර්මා ඔස්ට්‍රේලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කල හයවන ශතකය වාර්තා කරමින් ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 11 ක් සහ හයේ පහර 5ක් ද සමඟිනි.පන්දු යැවීමේදී කඩුලු 2ක් බිඳ දැමීමට ඇඩම් සමපා සමත් විය. මේ වන විට මෙම වසරතුල ඉන්දීය ආරම්භක පිතිකරුවන් ශතක සම්බන්දතා 08 ක් පවත්වා ඇති අතර ආරම්භක පිතිකරු යුගලයක් වසරක් තුල වැඩිම ශතක සම්බන්දතා පැවැත්වූ අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට ඇතුලත් විය. ඉන්දීය නායක විරාත් කෝලි මෙම තරඟාවලිය තුල ශතකයක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර,මෙලෙස කෝලි තරඟ 5ක් හෝ ඊට වැඩි තරඟාවලියක ශතකයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත්තේ 2013 ජනවාරි මාසයේ එංගලන්තය සමඟ පැවති තරඟාවලියෙන් අනතුරුවය. India 243 for 3 (Rohit 125, Rahane 61) Australia 242 for 9 (Warner 53, Stoinis 46, Axar 3-38)
Subscribe to:
Posts (Atom)