Monday, October 2, 2017

ඉංදිය


ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පස් වන සහ අවසන් එක්දින තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු කඩුලු තුනක ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟාවලිය 4-1 ලෙස ජය ගැනීමට සමත් විය. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේව්ඩ් වෝනර් පමණක් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනද ආරොන් ෆින්ව්(32)ට්‍රවිටස් හෙඩ්(42 )මාක්ස් ස්ටෝනිෂ් (46 ) ලෙස තරමක හොඳින් පන්දුවට පහර දුන්නද ඔවුන්ගෙන් කිසිවකු දිගු ඉනිමක් කරා යාමට අපොහොසත් වීම නිසා ඕස්ට්‍රේලියා කණ්ඩායමට තම පන්දුවාර 50 අවසාන වනවිට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 242/9 පමණි. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ෂා පටෙල් කඩුලු 3ක් සහ ජශ්පිට් බුම්රා කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ලකුණු 243 ක් හඹාගිය ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 124 ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් සම්බන්දතාවයක් ගොඩ නැගු අතර මෙම ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර මෙලෙස ආරම්භක කඩුල්ල සඳහා පසුගිය තරඟ 3 දීම ශතක සම්බන්දතා ගොඩනැගීම ඉන්දීය පිතිකරු යුගලක් මෙම දක්ෂතාව කල ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා පොත් වලට එකතු විය. නායක කෝලි ලකුණු 39ක් ලබාගත් අතර රෝහිත් ශර්මා ඔස්ට්‍රේලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කල හයවන ශතකය වාර්තා කරමින් ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 11 ක් සහ හයේ පහර 5ක් ද සමඟිනි.පන්දු යැවීමේදී කඩුලු 2ක් බිඳ දැමීමට ඇඩම් සමපා සමත් විය. මේ වන විට මෙම වසරතුල ඉන්දීය ආරම්භක පිතිකරුවන් ශතක සම්බන්දතා 08 ක් පවත්වා ඇති අතර ආරම්භක පිතිකරු යුගලයක් වසරක් තුල වැඩිම ශතක සම්බන්දතා පැවැත්වූ අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට ඇතුලත් විය. ඉන්දීය නායක විරාත් කෝලි මෙම තරඟාවලිය තුල ශතකයක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර,මෙලෙස කෝලි තරඟ 5ක් හෝ ඊට වැඩි තරඟාවලියක ශතකයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇත්තේ 2013 ජනවාරි මාසයේ එංගලන්තය සමඟ පැවති තරඟාවලියෙන් අනතුරුවය. India 243 for 3 (Rohit 125, Rahane 61) Australia 242 for 9 (Warner 53, Stoinis 46, Axar 3-38)

Saturday, September 30, 2017

මෙන්න විඩියෝවේ එක

මෙන්න සම්පුර්ණ විඩියෝවේ එක

Friday, September 29, 2017

දිය කිදුරිය

මෙන්න සැබෑ දිය කිදුරියෙක්

දසුන්


කරයි ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි ඔහු මෙලෙස ඊයේ ගෙලවැලලාගෙන මියගොස් තිබුනේ. 28 හැවිරිදි වියේ පසුවූ දසුන් නිශාන් හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වූවා. බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්. පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි. එම අවස්ථාවේ කිසිවෙකු අදාල නවතන්පොලේ සිට නොමැති අතර ඔහු සමඟ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු එම නවාතැන්පොලේ සිටින බවයි වාර්තා වන්නේ. දසුන් ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිටියා. කෙසේ වෙතත් තමන් ගෙලවැලලාගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනය මගින් පටිගතකර තිබියදී පොලිසියට හමුවූවා. පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක තිබෙනවා. පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව ඔහු දෙවරක් එල්ලීමට තැත්කර තිබෙනවා. එක් අවස්ථාවක ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි එහි සිටි රංගන ශිල්පියෙක් ප්‍රකාශ කළේ. එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවටයි එමගින් ඔහු සඳහන් කර ඇත්තේ. මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව අද දින සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. මේ අතර අදාළ සියදිවි නසාගැනීම පෙම්සම්බන්ධතාවක් මුල්කරගෙන සිදුකරගත් දෙයක් ද යන්න පිලිබන්දව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පිළියන්දල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

මෙන්න


ලොවම කැලඹු චූටි මල්ලිගේ විඩියොව මෙන්න අක්කත් එක්ක කරන දේ බලන්නකො හිරිකිතයි නේ අයින් කරන්න කලින් බලන්න video
Download
Now Watch

දවස් 15ක් අදුරේ ඉමු


අපේ පෘථිවිය සම්බන්ධව මාසෙකින් හෝ අවුරුද්දකින් සිදුවන දේවල් යැයි නොයෙකුත් අනාවැකි දවසින් දවස පිටවනවා.අන්තර්ජාලය පරිශීලනය කරන අපට ප්‍රශ්නාර්ථ නගමින් මේවායින් බොහොමයක් අනාවැකි සාර්ථක නොවූ බව සත්‍යයක්.නමුත් නාසා ආයතනය මෙවර ස්ථිරවම සිදුවන බව අනාවැකියක් පවසනවා.එනම් අපේ පෘථිවිය දවස් 15 ක් කළුවර වන බවයි.එනම් මෙම වසරේ නොවැම්බර් 15 සිට 29 දක්වා දින 15 ම දිවා කාලයක් අපට නැතිවන බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙම ලොවම මවිත කරන සිදුවීම නිශ්චිතවම සිදුවන බව විශ්වාස කරන නාසා ආයතනය එය සිදුවන දිනය හරියටම කිව නොහැකි බවත් බොහෝ විට තාරකා විද්‍යාඥයින්ගේ පරීක්ෂණ අනුව එය නොවැම්බර් 15 දින පාන්දර 3.00 ට ආරම්භ වී නොවැම්බර් 30 දින සවස 4.45 තෙක් පැවතිය හැකි බවයි. විශේෂඥයින්ට අනුව බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන විද්‍යාත්මක සංසිද්ධිය මෙලෙස ලොවම අඳුරු වීමට බලපාන බවයි.මේ පිළිබඳ පිටු 1000 ක සවිස්තරාත්මක පැහැදිළිකිරීමක් නාසා ප්‍රධානි චාර්ල්ස් බෝල්ටන් විසින් ධවල මන්දිරය වෙත දැනටමත් යවා තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ. එම වාර්තාවට අනුව බ්‍රහස්පති හා සිකුරු එකිනෙකා මෙම කාලසීමාවේදී ඉතාමත් සමීපයට පැමිණෙන අතර පරතරය එක් අංශකයකි.මෙහිදී සිකුරු ග්‍රහයා බහස්පතිගෙන් නිරිත දෙසට ගමන් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිකුරු ග්‍රහයා බ්‍රහස්පති ග්‍රහයාට වඩා 10 ගුණයක් දීප්තිමත් වනවා.සිකුරුගේ දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රහස්පති විසින් අභ්‍යවකාශයට හයිඩ්‍රජන් වායුව අධික ප්‍රමාණයක් නිකුත්කිරීමට පටන් ගන්නවා.මෙම ප්‍රතික්‍රියාව සුර්යා හා සම්බන්ධ වීම නොවැම්බර් 15 දින පාන්දර 2.50 ට පමණ සිදුවන බවයි නාසා පවසන්නේ. හයිඩ්‍රජන් වායුව සුර්යා වෙත පැමිණීමත් සමඟම සුර්යා මතුපිට සිදුවන දැවැන්ත පිපිරිම නිසා අංශක 9000 කටත් අධික උෂ්ණත්වයක් සුර්යාගෙන් නිකුත් වෙනවා.මෙම මුළු සංසිද්ධියම සුර්යා මතුපිට සිදුවන නිසාත් එහිදී පිටවන අධික තාපය නිසාත් සුර්යාගේ පැහැය වෙනස් වී නිල් පැහැයක් ගනු ලබනවා.මෙලෙස පරිවර්තනයක් සිදුවීමෙන් පසු සුර්යාට නැවත යථාතත්වයට පත්වී එහි පැහැය හා උෂ්ණත්වය නිවැරදි කර ගැනීමට අවම වශයෙන් දින 15 ක් පමණ ගත වන බව තාරකා විද්‍යාඥයින්ගේ අදහසයි. මෙම අමුතු සංසිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ සිටින අපට සුර්යාගෙන් ලැබෙන්නේ අඩු ආලෝකයකි.නාසා පවසන අඳුරු දින 15 ඇතිවීමට හේතුව මෙයයි. මෙම අඳුරු කාලයේ මිනිසුන්ට අයහපත් බලපෑමක් ඇතිවේයැයි අප හිතන්නේ නැහැ.අවම බලපෑම ලෙස පෘථිවි උෂ්ණත්වය අංශක 6 කින් හෝ 8 කින් ඉහළ යයි. හිස් වැස්මක් පැළඳීම මෙයින් බේරීමට හැකි පහසුම ක්‍රමය වන අතර කිසිවෙක් හෝ මෙයින් කලබල විය යුතු නැති බවත් වැඩිදුරටත් නාසා ප්‍රධානි පවසා සිටිනවා.

cricket

ඬේවිඞ් වෝනර් (124) සහ ඒරන් ෆින්ච්ගේ (94) විශිෂ්ට පිතිහරඹය හමුවේ බැංගලෝර්හිදී පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඉන්දියාවට එරෙහිව ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. තරගාවලිය 3-1 ක් ලෙස පරාජයට පත්වී සිටියද සම්පූර්ණ තරඟාවලි පරාජයකින් ගැලවීමට ලැබීමත් ඉන්දියාවට හිමිකර ගැනීමට තිබු වාර්තාවක් අහිමි කිරීමත් ඕස්ටේලියාව ලැබූ යම්කිසි සහනයක් විය. ජයග්‍රහණය සදහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕයර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 313 ක් පමණි. ආරම්භක පිතිකරුවන්වූ අජින්ක්‍යා රහනේ (53) සහ රෝහිත් ශර්මා (65) පළමු කඩුල්ල සදහා පන්දු 110 කදී ලකුණු 106 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්විය. මැද පෙළ පිතිකරුවන්වූ හර්දික් පාණ්ඩ්‍යා (41) සහ කේදර් ජාදව් (67) ජයග්‍රහණය දෙසට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියද ඔවුන් දෙදෙනාගේ දැවීයාමත් සමගින් බලාපොරොත්තු සුන්වී ගියේය. පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 67 ක් රැස්කළ කේදර් ජාදව් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය